
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වල හිමිකරුවන් සතු අයිතිය අවසන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
අද නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, ලීගයට සහභාගී වීම ආරම්භයේදී පිහිටුවන ලද IPG සමූහය සමඟ ඇති ගිවිසුම්වල දක්වා ඇති ගිවිසුම් බැඳීම් ඉටුකිරීමට එම කණ්ඩායම් අපොහොසත් වීම හේතුවෙන් මෙම අවසන් කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහි ප්‍රතිඵලයක් ලෙස එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට නව හිමිකාරීත්ව ව්‍යුහයන් යටතේ කොළඹ සහ යාපනය නියෝජනය කරන කණ්ඩායම් ඇතුළත් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහ ව්‍යාපාරය තරගාවලියේ අඛණ්ඩතාව සහ උසස් ප්රමිතීන් පවත්වා ගැනීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව ද පවසා සිටියා.
එමෙන්ම නව කණ්ඩායම් සහභාගීත්වයෙන් තරඟකාරී සහ සාර්ථක ඉදිරි තරග වාරයක් පවත්වන බව ද ඔවුන් නිවේදනය කර තිබෙනවා.