
ශ්රී ලංකා රග්බි කණ්ඩායම සහ නවසීලන්ත කිලෝග්රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම අතර පළමු රග්බි තරගය අද (04) පැවැත්වෙනවා.
එම තරගය මහනුවර නිත්තවෙල ක්රීඩාංගනයේදී පස්වරු 4ට ආරම්භ වීමට නියමිතයි.
නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකාව කණ්ඩායම පසුගිය 19 වනදා කොළඹදී පැවති 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ප්ලේ-ඕෆ් තරගයේදී මැලේසියාව ලකුණු 59-19 කින් පරාජය කළා.
ජැරඩ් පර්සිවල්ගේ නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
1955 දී පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්රී ලංකාවේ ක්රීඩා කරන අවස්ථාව මෙය වනවා.