
රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වී පසුව ජනාධිපති සමාව ලබාදුන් ජූඩ් ශ්රමන්ත ජයමහ තවදුරටත් සිංගප්පූරුවේ නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.
ඔහුගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමේදී ඊයේ (29) මෙම තොරතුරු අනාවරණය වුණා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර ප්‍රකාශ කළේ, ජයමහ පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන් මුලින් සිංගප්පූරුවෙන් ඉල්ලා සිටියද, සිංගප්පූරු බලධාරීන් දැන් ඔහු තම රටේ නොමැති බව තහවුරු කර ඇති බවයි.
ජයමහගේ වත්මන් ස්ථානය සොයාගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අධිකරණ නියෝගයෙන් වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහු සොයාගැනීමේ ප්‍රගතියක් නොමැති වීම පිළිබඳව එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල අතෘප්තිය පළ කළා.
මුල් නඩු ගොනුව ලබාගැනීමේ ගැටළු හේතුවෙන් ප්‍රමාදයන් සිදුවුවද, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව අධිකරණයට දැන්වූවා.
ජූලි 28 වැනි දින පෙත්සම නැවත සළකා බලන අතර, නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රගතිය වාර්තා කරන ලෙස නියෝග කරන ලදී.
මේ අතර, ජනාධිපති සමාව අවලංගු කිරීමෙන් පසු ගෙවීමට නියෝග කරන ලද රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.