
දෙමව්පියන්ගෙන් මුදල් එකතු නොකරන ලෙස රජයේ පාසල් වලට අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම් දී ඇතත් තවදුරටත් මුදල් එකතු කරන බවට පැමිණිලි ලැබෙන්නේ යයි අධ්‍යාපන ඇමතිනී අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය පවසනවා.
ඒ ආකාරයෙන් මුදල් එකතු කරන පාසල් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවත් ඇය සඳහන් කළා.
මේ පිළිබඳව ලැබෙන පැමිණිලි විමර්ශනයට විමර්ශන නිලධාරීන් නොමැති බැවින් අමාත්‍යංශවල විමර්ශන ඒකක ශක්තිමත් කරන බවත් ඇය කියා සිටියා.
අගමැතිනිය මේ අදහස් පළ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින්.