
ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන කළ මැයි දින රැලි මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
වත්මන් ආණ්ඩුව නියෝජනය කරමින් ජාතික ජනබලවේගය මැයි දින රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙනවා.
එමෙන්ම ප්‍රධානම විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වෙනවා.
පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සිය මැයි රැලිය එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
මේ අතර සර්වජන බලය සංවිධානය කළ මැයි දින රැලිය වරකාපොළ දී පැවැත්වුණා.