
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය අම්බලන්ගොඩ රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යයි සැක කරන ආභරණ කිලෝ 01 ගෑම් 112 ක් වැඩිදුර විමර්ශන සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන පොඩි ලේසි නැමැත්තාගේ සහ ඔහුගේ පවුලේ සමීප ඥාතීන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව එම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවක පොඩි ලැසී නැමැත්තාගේ බිරිඳගේ මව අයට අයත් සන්නාභරණ තොගයක් තැන්පත් කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව අධිකරණ නියෝග ප්‍රකාරව දුර විමර්ශන කටයුතු සඳහා එම දේපළ එම කොට්ඨාශය භාරයට ගෙන තිබෙනවා.