
පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.
පුරන් කුඹුරු අක්කර 3809 ක් අස්වැද්දීම සඳහා රුපියල් කෝටි 16 කට වැඩි මුදලක් ප්‍රතිපාදන වෙන්කර තිබියදී අක්කර 2980 ක් පමණ අස්වද්දා රුපියල් කෝටි දාහතරකට ආසන්න මුදලක් වැය කර තිබූ බව එම වාර්තාව සඳහන් කරනවා.
මෙම පුරන් කුඹුරු අස්වැද්දීම කර තිබුණේ 2023 වර්ෂයේ සංශෝධිත ක්‍රියාකාරී සැලැස්ම අනුව බව එහි දැක්වෙනවා. මේ අතර ගබඩා පහසුකම් ඇති කිරීම වෙනුවෙන් රුපියල් කෝටි එකොළහක පමණ ප්‍රතිපාදන උපයෝගී කරගෙන දිස්ත්‍රික්ක කාර්යාල හයක ගබඩා 11ක වැඩ අවසන් කර තිබුණද ඒවා පසුගිය වසරේ පෙබරවාරි මාසය වනවිටත් නිෂ්කාර්ය වත්කම් ලෙස පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
දිස්ත්‍රික්ක විසිපහක් ආවරණය වන පරිදි සුහුරු ගම්මාන වැඩසටහන යටතේ හරිත ගෘහ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 37 ක් පමණ වෙන්කර වර්ෂයේදී දිස්ත්‍රික්ක 16 ක කෝටි පහළොවක වියදමින් හරිත ගෘහ ඒකක 291ක් ඉදිකිරීමට යෝජිතව පැවතුණද 2023 වර්ෂයේදී හරිත ගෘහ 135ක පමණක් ඉදි කිරීම් ආරම්භ කර තිබූ බව පවසන වාර්තාව එ්වායේ ඉදිකිරීමේ ප්‍රගතිය සියයට 49 ක් බවද සඳහන් කරනවා.
මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ තොරතුරු ලේඛනයේයි.