
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමෙන් ඉවත් කරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ලංකාදීප ඡායාරූප ශිල්පියාට දන්වා තිබෙනවා.
එම පින්තූරය කොලඹ ගාළු මුවදොර පිටියේදී ඊයේ පැවති ජාතික ජන බලවේග මැයි රැළියේදී ජනාධිපතිවරයා සිය අදහස් පල කරද්දී ගන්නා ලද්දකි.
ලංකාදීප මාධ්‍යවේදී ලහිරු හර්ෂණ විසින් පල කර තිබූ එම ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා යාඥා කරන්නාක් මෙන් අහස දෙස බලාගෙන දෑත් ඉහළට ඔසවාගෙන සිටින ආකාරයයි.