
විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනුයි.
එළැඹෙන ජූනි මාසයේ සිට මෙම මිල වැඩි කිරීම සිදුවනු ඇති බවත් එය කිසිසේත්ම පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි බිලට වඩා වැඩි අගයක් නොගනු ඇති බවත් ඒ මහතා කියා සිටියා.
වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවත් කියා සිටියා.
විදුලිබල මණ්ඩලය ඇති බිලියන 200ක ණය ප්රමාණය ප්රතිව්යුවගතකරණය කර ඇති බවත් එ් අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇති වුවත් ඒ මහතා කියා සිටියා.