
මැයි පලමුවැනිදා ජතික ජනබලවේගයේ මැයි දින රැලියට අධිවේගී මාර්ගයේ පැමිණි බස් රථ එම මාර්ගයේ නවතා ආහාර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. .
මෙම විමර්ෂණ ක්රියාත්මක වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය දකුණ භාර පොලිස් අධිකාරීවරයාගේ ප්රධානත්වයෙන්.
වැලිපැන්න සේවා ප්රදේශය ආසන්නයේ මාර්ගයේ නවතා දිවා ආහාරය ගනිමින් විවේක ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝව සාමාජ ජාලවල හුවමාරු වීමෙන් පසු මෙම පරීක්ෂණ ක්රියාත්මකයි.
පොලිසිය පවසන්නේ එලෙස නවතා තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
අදාළ බස් රථ එම ස්ථානයේ නතර කර ඇත්තේ වැලිපැන්න සේවා කලාපයේ ඉදි කර ඇති රථ ගාලේ ඉඩකඩ ප්රමාණවත් නොවීම හේතුවෙන් බවත් පැවසෙනවා.
කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ ඕනෑම ස්ථානයක හෝ මාර්ගයේ ඕනෑම කොටසක වාහන නවතා තැබීම තහනම් වනවා.