
රජයට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දැකිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
‘අපි දකිනවා මේ රජයට විරුද්ධ වෙන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්න ප්‍රශ්නයක් විය හැකි යැයි හිතන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිනවා.
ඒ විතරක් නෙමෙයි මේ ඝාතන උත්සාහය මේ ඝාතන සිදුකර ගැනීම සඳහා අපිට පෙනී යන හැටියට නම් පාතාලයේ උදවු ලබා ගන්නවා කියන එක නම් පෙනී යමින් තියෙනව.
ඉතින් මේ තත්ත්වය රටක් හැටියට ඉතාම භයානක ඉතාම දරුණු තත්ත්වයක්.