
කාෂ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරෙන ත්රස්තවාදීන් 6 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද (03) විශේෂ සෝදිසියක් සිදුකර තිබුණා.
මෙලෙස පරික්ෂාවට ලක්කොට ඇත්තේ චෙන්නායි සිට පැමිණි ගුවන්යානයක්.
ඉන්දියාවේ ජම්මු කාෂ්මීරයේ පෙහෙල්ගාම් හි පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දියාව සහ පකිස්තානය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් මේ වන විට දැල්වෙමින් පවතිනවා.
ඉන්දියාව චෝදනා කරනුයේ ත්‍රස්ත ප්‍රහාරයට පකිස්තානය සෘජුවම සම්බන්ධ බවයි.
ඒ් අතර පෙහෙල්ගාම් ත්රස්තවාදීන් සොයා ඉන්දීය රජය දැවැන්ත මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
ප්‍රහාරයේ සැකකරුවන් සොයා පුද්ගලයින් රැසක් ඉන්දිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණ ද සැකකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බවට ඉන්දිය මාධ්‍ය ඊයේ වාර්තා කළා.
මෙවන් පසුබිමක පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් 06 දෙනෙකු මෙරටට පැමිණි බවට ලැබුණු තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එලෙස පරික්ෂා කර ඇත්තේ චෙන්නායි සිට පැමිණි යූ.එල් 122 අංකය දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර තිබුණා.
ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් එම ගුවන්යානයෙන් පැමිණි බවට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට තොරතුරක් ලැබී ඇත්තේ චෙන්නායි ගුවන් පාලන බලධාරීන්ගෙන් බව වාර්තා වනවා.
මෙම ගුවන් යානය චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණ නැවත සිංගප්පූරුව දක්වා යන ගුවන් යානයක් බව මෙරට ගුවන් හමුදා බලධාරීන් සඳහන් කළා.
අදාල බළධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත ගුවන් හමුදාව සහ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරින් ද පැමිණි යානය සෝදිසි කළ නමුත් යානයේ බෝම්බ හෝ සැකකටයුතු කිසිවක් නොතිබුණ බවයි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා කියා සිටියේ ලැබුණු තොරතුර අනුව අදාළ යානය පරීක්ෂා කළද එම යානයෙන් කිසිදු සැකකටයුතු අයෙක් දිවයිනට පැමිණ ඇතැයි තොරතුරු ලැබී නැති බවයි.