
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මාවර මණ්ඩිය කිරිබත්ගොඩ කිරිල්ලවල මීගමුව ගම්පහ කැලණිය වත්තල ඇතුළු ප්‍රදේශ දහයක් මෙලෙස හදිසියේ වටලා සෝදිසි කර ඇති බව එම පාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
ප්‍රසන්න රණවීර මහතා සෙවීම සඳහා විවිධ වෙස් ගැන්වූ බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ද ප්‍රදේශ කිහිපයකට යොමු කර ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ අතර පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සොයා ගැනීමටද දිවයින පුරා විවිධ ස්ථාන දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂා කර ඇතත් ඇය ගැන ද කිසිදු හෝඩුවාවක් නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියා.
එම දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ දිගටම කරගෙන යන බවද ඔහු සඳහන් කළා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය මාර්තු මස 7 වැනිදා සිට අතුරුදන්ව සිටින සිටින අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය ගනේමුල්ල සංජීව පාතාල නායකයාට වෙඩි තැබීමේ සිද්ධියවූ පසුගිය පෙබරවාරි 19 වැනි දා සිට අතුරුදන්ව සිටින අතර ඇය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය මාස දෙකකට වැඩිය.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජලා ද සිල්වා මහත්මිය හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පසුගියදා නියෝගයක් නිකුත් කළා.
ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණිගේ නිවසට ඉකුත් මාර්තු 6 වෙනිදා ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලා ගොස් සිටියා.