
නවක වදය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනල වැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාලව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබුණා.
ඒ අනුව 2025.05.04 වන අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකාර සිසුන් 2025.05.05 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබනවා.
නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව මත මෙම සිසුවා සිය දිවා නසා ගත් බවට චෝදනා එල්ල වූ අතර මේ සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් සරසවි සිසුන් රැසකගෙන් හා සිසුවාගේ පවුලේ අයගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.