
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුළදි ඔහු සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වනවා.