
පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණයට වඩා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ මෙවර අඩුවක් දක්නට ඇති බව වාර්තා වනවා.
පිටකොටුව දුම්රියපළ හා බස් රථ නැවතුම්පළවල පසුගිය මැතිවරණ දෙකේදී ගම්බිම් බලා යාමට විශාල පිරිස් ඒකරාශිය වී සිටියද ඊයේ දිනයේ එවන් විශාල පිරිස් වැඩිවීමක් දක්නට ලැබී නැහැ.
අද දිනයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් නොකර තිබීම හේතුවෙන් බොහෝ පිරිස් දුර බැහැර පිහිටි තම ඡන්ද මධ්‍යස්ථාන පිහිටි ගම්බිම් බලා යාමට කැමැත්තක් නොදක්වමින් සිටින බවද වාර්තා වනවා.