
ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් පිරිස් වෙත වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළා.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද උදෑසන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.