
පසුගිය මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධානම පළාත් පාලන ආයතනයක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා ඡන්දදායකයන්ට රුපියල් පන්දහස බැගින් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදල් බෙදා දුන් බව කියන එක්තරා දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
එම අපේක්ෂකයා විසින් මුදල් බෙදා දුන් ඡන්ද කොට්ඨාසය මේවනවිට ජනතාව අතර “පන්දාහේ ගම” නමින් ප්රකටව තිබෙන බවද පැවසෙනවා.
මෙම අපේක්ෂකයා නියෝජනය කළ දේශපාලන පක්ෂය ජනතාව අතර එතරම් ප්‍රසිද්ධ පක්ෂයක් නොවන බවද පවසනවා.
නවක අපේක්ෂකයකු වන ඔහු ව්‍යාපාර කීහිපයක් හිමි ධනවත් ව්‍යාපාරිකයකු බවද වාර්තා වනවා.
මේ ආකාරයට මුදල් බෙදාදීම නිසාම අනෙකුත් ප්‍රසිද්ධ අපේක්ෂකයන් පරදා ඔහු නියෝජනය කළ ඡන්ද කොට්ඨාසය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී ඇති බවට චෝදනා එල්ල වනවා.
ඒ අනුව ඇතැම් පවුල් සඳහා රුපියල් පන්දහසේ සිට තිස්දහස අතර මුදලක් බෙදාදී ඇති බව වාර්තා වන අතර වෙනත් පක්ෂවල අපේක්ෂකයන් මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට ඉදිරිපත්ව සිටින බවද පැවසෙනවා.