
අමාත්‍ය මණ්ඩලය සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉහළ බලධාරීන් විසින් පවත්වා ඇති බවද පැවසෙනවා.
විවිධ ජන ප්‍රජාවන්, පලාත්වල විශේෂතා නියෝජනය වන ආකාරයෙන් අමාත්‍ය ධූර ලබාදිය යුතු බවටද එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.
එම සංශෝධනයක් සිදු කරන දිනයක් මෙතෙක් තීරණය කර නැතත් කැබිනට් මණ්ඩල සංශෝධනයක අවශ්‍යතාවය දැඩිව අවධානයට ලක්ව තිබෙනවා.
මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු ආසන්න දිනකදීයි.