ශ්රී ලංකා දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊයේ (03) රාත්රියේ නිවේදනය කළා.
දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්වුණා.
ඒ හේතුවෙන් සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ශ්රී ලංකා ක්රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියේ හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බවයි.