ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න පැළඳ සිටි ධාවන පථ ඇඳුම් කට්ටලය ස්විස්ටර්ලන්තයේ ලෝසාන් හි ඔලිම්පික් කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළඳින ධාවන පථ කට්ටලයක් ඔලිම්පික් කෞතුකාගාරයකට ඇතුලත් කළ පළමු අවස්ථාව මෙය බවට පත්වනවා.
19 හැවිරිදි ඇය විසින් අත්සන් කරන ලද මෙම ඇඳුම් කට්ටලය කාන්තා මීටර් 800 ඉසව්වෙන් ආසියානු කලාපය නියෝජනය කරන ලාබාලතම මලල ක්‍රීඩිකාව ලෙස ඇයගේ ජයග්‍රහණයට උපහාරයක් ලෙස ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
ඒ අනුව මෙම අත්සන් සහිත කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු කෞතුකාගාරයේ ප්‍රදර්ශන හා වැඩසටහන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී ඈන් ජැකාර්ඩ් වෙත පිරිනමා තිබෙනවා