
‘රට හදන්න දැන් කිසිම බාධාවක් නෑ’ යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සඳහන් කළා.
“මෙතෙක් පළාත් පාලන ආයතන පිහිටුවීම ගැටලුවක්ව පැවතුණා; එය කඩිනමින් පිහිටුවාගන්න ඕනෑකම අපට තිබුණා. මේ ඡන්දයත් සමඟ එය අවසන් වී තිබෙනවා. දැන් අපේ කාර්යය තමයි ආණ්ඩුව සැලසුම් කර තිබෙන ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම.
‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහන ගත්තොත් රට පිරිසුදු කරන, පිළිවෙළ කරන, විනයවත් කරන මේ වැඩසටහන නිසි පරිදි ක්‍රියාවට නංවන්න නම් මේ පළාත් පාලන ආයතන අනිවාර්යයි. ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය අප මේවන විට ආරම්භ කර තිබෙනවා. ඒකට මේ බිමෙහි ජයග්‍රහණය විශාල පන්නරයක්. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමට මේ සභා අපට පාවිච්චි කරන්න පුළුවන්.
මෙතෙක් කල් පළාත් පාලන මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය වෙනස් කරලා, අලුත් හැඩයකින් අලුත් පළාත් පාලන මන්ත්‍රීවරයකු, ගමට රටට වැඩදායි නියෝජිතයකු නිර්මාණය කරන්න අප කටයුතු කරනවා. ආණ්ඩුවේ සැලසුම් සියල්ල ඉදිරියට ක්‍රියාත්මක කරන ගමන්, මේ පළාත් පාලන ආයතන යොදාගෙන අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා”