
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්ලේ-ඕෆ් වටයේ තරග ක්‍රීඩාකිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් කැඳවා තිබෙනවා.
එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජොස් බට්ලර් වෙනුවට මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී තිබෙනවා.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති යුද අවදානම හේතුවෙන් හදිසි තීරණයක් ගනිමින් මෙම තරගාවලිය පසුගිය 9වනදා සිට සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI)කටයුතු කළා.
ඒ අනුව තරඟාවලිය එළැඹෙන 17වනදා සිට යළි ක්‍රියාත්මක වනවා.
IPL තරගාවලිය නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වූ හෙයින් ජොස් බට්ලර්ට බ.ඉ. කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගාවලිය ක්‍රීඩාකිරීමට සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට සිදුවනවා.
ඒ හේතුවෙන් ටයිටන්ස් පාලනාධිකාරිය විසින් මෙලෙස මෙන්ඩිස්ට මෙම කැඳවීම සිදුකර තිබෙනවා.
එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ එංගලන්ත – බ.ඉ. කොදෙව් සීමිත පන්දුවාර තරගාවලිය මැයි 29වනදා ආරම්භවීමට නියමිතව ඇත.
IPL තරගාවලියේ අවසන් වටයේ තරග ජූනි 3වනදා දක්වා පැවැත්වෙනවා.
කෙසේ නමුත් බට්ලර් යළි එංගලන්තය බලා පිටත්ව යාමට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩාකරන මූලික වටයේ ඉතිරි තරග තුන ක්‍රීඩාකිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර ඉන්දු – පාකිස්තාන අර්බුධය හේතුවෙන් පාකිස්තානු සුපර් ලීග් (PSL) තරගාවලියද කල්දැමීමට සිදු වූ අතර, ඒ වනවිට මෙන්ඩිස් ක්වෙටා ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩාකරමින් සිටියා.
කෙසේ නමුත් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ලැබුණු කැඳවීමත් සමග ඔහු PSL අවසන් අදියර ක්‍රීඩාකිරීම සඳහා පාකිස්තානයට යළි නොයනු ඇති බව වාර්තා වනවා.