
විපක්ෂය ගේමක් ගසා බලය පිහිටවුන පළාත් පාලන ආයතන වලට රජයෙන් මුදල් ලබා නොදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
එම පලාත් පාලන ආයතනවල සේවය කරන අයගේ වැටුප් ආදිය ගෙවීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා මුදල් යෙවීමට ආණ්ඩුවට සූදානම් නැති බවත් කී ඔහු වංචා දූෂණ කරන්නන් පිරිසක් විසින් පාලනය කරන සභාවකට මුදල් යෙදවීමට ආණ්ඩුවට පිස්සු නැති බවත් සඳහන් කළා.
පොඩි පොඩි කණ්ඩායම් එකතු වී බලය පිහිටුවීමට ජනතාව වරමක් දී නැති බවද පැවසූ ඔහු එසේ බලය පිහිටවීමට කිසිවකු කටයුතු කරන්නේ නම් එය ප්රජාතන්ත්රවාදයට හානියක් බවද කියා සිටියා.
මෙවර කොළඹ නගර සභාවේ නගරාධිපතිනි වන්නේ ව්‍රායි බල්තසාර් මහත්මිය බවත් එය ලියා තබාගන්නා ලෙසත් ඔහු අභියෝග කළා.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතා අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.