
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබෙනවා.
ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වී ඇත්තේ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
82 හැවිරිදි බයිඩන්, පසුගිය ජනවාරි මාසයේදී ධුරයෙන් ඉවත් වූ අතර රෝගී තත්ත්වයක් පසුගිය දින කිහිපයේ ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වී තිබෙනවා.
එහිදී ඔහුට පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති බව සඳහන් වනවා.
එමෙන්ම වෛද්‍යවරු පෙන්වා දී ඇත්තේ ඔහුගේ පිළිකාව වඩාත් ඉතාමත් ආක්‍රමණශීලී ආකාරයෙන් පැතිරි ඇත අතර එය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවයි.
කෙසේ වෙතත් ඔහුගේ පවුලේ පිරිස විසින් බයිඩන්ව අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් රෝගී තත්ත්වය කළමනාකරණය කළ හැකි බවත් ඔහුගේ කාර්යාලය තවදුරටත් පවසා තිබෙනවා.