
ශ්‍රී ලංකා රග්බි ක්‍රිඩාවට එල්ලවන ආසියාතික බලපෑම එය හසුරවමින් සිටින ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් අතරට නාමල් රාජපක්ෂගෙන් පසුව තදින්ම ඇතුළු වන පුද්ගලයා බවට පත්ව සිටින්නේ වත්මන් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ය.තමන්ගේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉතා සීමිත වූ පරාසයකට ජාතික වශයෙන් ව්‍යාප්තව තිබෙන බලය ලඝු කිරිම සඳහා ක්‍රිඩාව ගැන අත්දැකීම් සහ දැණුම එම උවමනාව සහිත පිරිසගෙන් ලබා ගනිමින් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා කරන හානිය අනාගතයේ දවසක ශ්‍රී ලංකා රගර් මලගම සටහන් කළ හැකි අවධානමකි.එහි ව්‍යාප්තිය දැනටත් ආණ්ඩුවෙන් පහසුකම් සහ වරප්‍රසාද ලබන ක්‍රීඩා සමාජ කිහිපයකට තමන්ට ඕනි විදිහට රගර් ගහන්න යැයි දෙනු ලබන ආරාධනයක් බඳු සංශෝධන ව්‍යවස්ථා උවමනාව වෙනුවෙන් අමාත්‍යවරයා කැසපොට ගසාගෙන පිටියට බැසි ඇත්තේ රාජපක්ෂලාගේ උවමනාවන් වලට කර දුන් උර දුන් රටට අපකීර්තිය කැඳ වූ පිරිසත් සමඟ වීම පිළිකුල දනවන්නක්ය.
අමාත්‍යවරයා සිය පෙළහර පාන පෙරහැරට මේ වන විට කිසිඳු හිරිකිතයකින් තොරව රාජපක්ෂලා සමඟ වංචා කළ බව කියන මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමේ නිලධාරි හැටියට ප්‍රසිද්ධ කළ සහ පවුම් 50000 රගර් දඩය ගැන නාමල්ට චෝදනා කර අපහාස කර ඊට සම්බන්ධ වූ පිරිස් අද මේ ආණ්ඩුවේ ක්‍රීඩා කටයුතුවලට සහ රගර් වැඩවලට ඇමතිගේ ආශිර්වාදයෙන් කැඳවා ඇත.
ශ්‍රී ලංකා රග්බි සඳහා වෙනම කාර්ය සාධක බලකායක් සහ කළමනාකරණ කාර්ය මණ්ඩලය ලෙස ක්‍රියා කිරීමට අමාත්‍යවරයාගේ ආහිර්වාදය හිමිව ඇති නම් දෙස බැලූ ව්ට අමාත්‍යවරයාගේ රාජපක්ෂ විරෝධයේ බොරුව පමණක් නොව දැනට ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා කළාප ගැන සමාජයේ ඇති අදහසක් වන නාමල් රාජපක්ෂට පිටිය සකසා දීම සිඳු කිරීමක් සිඳු වන්නේද යන දේශපාලනික සැකයද සාධාරණය කරන තැනට මේවා පෙළ ගැසෙමින් ඇත.
රොහාන් අබේකෝන් නායකත්වය දෙන හය දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායට ඉන්තිෂම් මරිකාර්, එම්. ආර්. ලතීෆ්, රවි විජේනාදන්, අසංග සෙනෙවිරත්න සහ හසන් සිංහවංශගේ නම් ඇතුළත්ය, පහසුකම් සපයන්නා වන විශ්‍රාමික ගුවන් හමුදා ගෘප් කැප්ටන් නලින් ද සිල්වා, ඉන්ති මරිකාර් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි ඇතුළත් කළමනාකරණ කාර්ය මණ්ඩලය ද ඊට උදාහරණ කීමට සෑහේ.
මේ අතරින් ක්‍රීඩා අමාත්‍යවරයා දියගමට ගොස් කළ මාධ්‍ය විවිධ ප්රසංගයේදී මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමට අයත් යැයි කියූ සහ නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේදී පවුම් 50000 කතාවෙන් දමා ගසද්දී අදාළ වරදට වගකිව යුතු පරිපාලනයේ සභාපතිව සිටි අසංග සෙනවිරත්නගේ නම ද ඇතුළත්ය.එම පරිපාලනයේ ලේකම් වූ ගෘප් කැප්ටන් නලින් ද සිල්වා ද ඇත.ක්‍රීඩා ජාතික සභාවේ සභාපති ලෙස පත් කළ ප්‍රියන්ත ඒකනායක ලක්ෂ ගණනින් වැටුප් ලැබූ ප්‍රධාන විධායක තනතුරේ සිටිමින් එම පරිපාලනයට සම්බන්ධ වි සිටියේය.
ඊට අමතරව මේ දක්වා ඇමතිවරුන් සියල්ලට අවශ්‍යය දේ කරමින් රගර් හානි කර ජාත්‍යන්තර උවමනාව වෙනුවෙන් වැඩ කළ ෂෙමාල් ප්‍රනාන්දු අධ්යක්ෂ ජෙනරාල්වරයා නිහඩව පසෙකට කරමින් පත් කළ ක්‍රියාකාරී කාර්ය බලකායේ 2437/32 දරණ මැයි 22 නිකුත් කළ ගැසට් නිවේදනයේ ද ප්‍රියන්ත ඒකනායක සභාපතිය. එහෙත් කොහෙන් හෝ පැමිණි විරෝධයක්,බලපෑමක් හෝ ඇති අහඹු ලෙස හෝ ඇති වූ ලැජජාවක් නිසා 2437/46 දරන ගැසට් නිවේදනය මැයි 23 නිකුත් කරමින් ප්‍රියන්ත ඒකනායක මෙන්ම ක්‍රීඩාවට ව්‍යාපාරිකයෙකු ලෙසින් සම්බන්ධ රොහාන් ඒකනායකද එම බලකායෙන් ඉවත් කර ඇත.එහෙත් ඇමතිම කියූ පවුම් 50000 කතාවට සම්බන්ධ සියල්ලම පාහේ දැන් සිටින්නේ ඇමතිගේ ඔඩොක්කුවේය.සමහර විට ඇමති ඔවුන්ගේ ඔඩොක්කුවට වැටි නැත.
ආණ්ඩුව ක්‍රීඩාව සම්බන්ධයෙන් හැසිරෙන හැටි ගැන හිතන විපක්ෂයක් ද නැත.විවිධ දේ කතා කළත්,රටේ ක්‍රීඩාවකට තමන් කළ වරදකින් ගෙවන්න වූ දඩය ක්‍රීඩාවට ලැබෙන ආධාරවලින් අඩු කර ගන්නට කියා විනාශයක් කිරීම මෙන්ම එහි ආගමන විගමන නීතය උල්ලංඝණය වීමේ චෝදනා ද ඇත. ඒ කිසිවක් සළකා බලන්නේවත් නැත. රාජපක්ෂලාට තවමත් විවේචන ඉදිරිපත් කිරීම දේශපාලනයේ එදා වේල සපයා ගන්නට කරන වැඩක් මිස එය එතරම් සැරට ගණන් ගත යුතු නැතයි කියන්නට හොඳම උදාහරණ දෙන්නේ ක්රීඩාවේදීනම් සුනිල් කුමාර ගමගේ ය.ඔහු ඔඩොක්කුවේ තියාගෙන නලවන්නේ සහ රැකගන්නේ රාජපක්ෂලා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රගර්වලට හානි කළ පුද්ගලයෝය.එය ඉදිරි පියවරක නාමල්ට වඩාත් පහසුවෙන් රටත් ක්‍රීඩාවත් හසුරුවන්නට සකස් කරන දේශපාලන පාර වන්නට ද ඉඩ ඇත.