
ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පැමිණ තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණයක් බව සඳහන් වනවා.
මෙය Miss World තරගයේ fast-track events අංශයෙන් තෝරා ගන්නා ඉහළම 20 දෙනා අතරට ශ්‍රී ලංකාව පැමිණි පළමු අවස්ථාවයි.
Asia and Oceania කලාපයේ Multimedia Challenge අංශයේ අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට තේරීපත්ව සිටින්නේ නවසීලන්තය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් නියෝජනය කළ තරගකාරීනියන්ය.
එමෙන්ම Americans and caribbean,Europe සහ Africa යන කළාප වලින්ද තරගකරුවන් 15 දෙනෙකු තෙරීපත්ව සිටිනවා.
මෙම තරඟකරුවන් 20 දෙනා එක් අවසාන අභියෝගයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.
එහිදී ඔවුන්ගේ ලෝක රූ රැජින ගමනේ සම්පූර්ණ කතාව විස්තර කරන වීඩියෝවක් නිර්මාණය කළ යුතු වනවා.
එම වීඩියෝව මිනිත්තු 1 යි තත්පර 30 ක් විය යුතු බව සඳහන් වනවා.
එය මැයි 29 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10:00 (ඉන්දියානු වේලාවෙන්) වන විට ලෝක රූ රැජින යෙදුමට යොමුකළ යුතුයි.
ඒ අනුව, Multimedia Challenge අංශයේ අවසාන ප්‍රතිඵලය මෙම සිකුරාදා (30) ලබා දීමට නියමිතව ඇත.
ඇයව අවසන් හතළිස්දෙනා අතරට ඍජුව තොරාපත් කරගැනීමට නම් පහත සඳහන් ලින්ක් එක ඇතුළට ගොස්, පෝස්ට් එක ලයික් කර, ඔබට හැකි පමණ ධනාත්මක අදහස් කමෙන්ට් කළ හැකියි.
අදාළ ලින්ක් එක – https://rb.gy/qy7a69
ලංකාව වැනි කුඩා රටක කෙනෙක් වූ තමා ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ ජයග්‍රහණය අබියස සිටීම විශේෂ දෙයක් බව අනුදි ගුණසේකර පවසනවා.
2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟය මැයි 31 වන දින හයිද්‍රාබාද් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.