
සිය දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්ත හානීවීමක් හෝ විනාශ වීමක් සිදුව නොමැති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සයිබර් ප්‍රහාරයෙන් කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියේ කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.
පසුගිය අප්‍රේල් පළමු සතිය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු ආරක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර ඒ පිළිබඳ දැනුවත් වූ වහාම දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් නැවත ක්‍රියාත්මක කිරීමේ දි කිසිදු දත්ත හානී වීමක් හෝ අහිමිවීමක් සිදුව නොමැති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමග එක්ව විමර්ශනයක් ආරම්භ කර ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළා.