
ජාතික ජන බලවේගය විසින් රුපියල් ලක්ෂ අසූවක් මතුගම ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල වනවා.
ස්වාධීන කණ්ඩායම් වලින් තරග කර ජය ගත් කසුන් මුණසිංහ මතුගමදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මාලිමා ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක් තම නිවසට පැමිණ සහයෝගය ඉල්ලා සිටි බවයි.
කොට්ඨාශය වශයෙන් මුදල් ලබාදීමටත් දේශපාලනික වශයෙන් තනතුරු ලබාදීමටත් එහිදී යෝජනා වූ බවත් ඔහු කියා සිටියා.
කොට්ඨාශයකට ලක්ෂ 80 බැගින් යෝජනාව වූ බවත්, පළාත් සභාව සඳහා තරග වැදීමට අපේක්ෂකත්වය ලබා දීමට යෝජනා වූ බවත් අවසානයේ මුදල් ප්‍රමාණය තවත් වැඩි කර යෝජනා වී ඇති බවත් ඔහු සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් දෙවැනි සාකච්ඡාවක් කොළඹදීද පැවැත්වූ බවද ඔහු කියා සිටියා.
නමුත් මුදලට යට වීමට අවශ්‍යතාවයක් නැති බවත් එසේ අවශ්‍යතාවයක් ඇත්තේ නම් ඊට පෙර එම තීරණය ගන්නා බවද සිය සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කල බවත් ඔහු කියා සිටියා.
මේ අතර මතුගම ප්‍රාදේශීය සභාවෙන් නව සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායමෙන් තරග කර ජයගත් කසුන් මුණසිංහ මහතා නම් කිරීමටද සූදානමක් ඇති බව වාර්තා වනවා.