
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ගමන් බලපත් ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව වෙත කරනු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම 2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ අතර එය 2025.05.30 දිනෙන් අවසන් වනවා.
ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව පෙ.ව. 7.00 සිට ප.ව. 2.00 දක්වා අයදුම්පත්‍ර භාර ගැනීමේ කටයුතු සිදු කරනු ලබනවා.
එදිනට එක් දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කර ගනු ලැබූ එදිනට නියමිතඅයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද ඉහත කාල සීමාව තුල තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාර දිය හැකියි.
ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාර ගැනීම ද පෙ.ව. 7.00 සිට ප.ව. 2.00 දක්වා සිදු කෙරෙනවා.
ප්‍රාදේශීය කාර්යාල වල පෙර පරිදිම පෙ.ව. 7.00 සිට ප.ව 2.00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලබනවා.