රටේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලන බලවේගක් විදිහට පොදුජන පෙරමුණ දෙමාපියන්ගේත් තරුණයන්ගේත් අපේක්ෂාවන් මල්ඵල ගන්න කටයුතු කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (07) පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එහිදී ඔහු කියා සිටියේ රටේ ඇති අභියෝගාත්මක අවස්ථාවකදී අභියෝග භාර ගන්න තමන් සූදානම් බවයි. එමෙන්ම පාක්ෂිකයා කෙරෙහි විශ්වාසය තිබෙන බවයි.
එමෙන්ම පක්ෂය හැර ගිය අය නාමල් රාජපක්ෂ ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ හිත්අමනාපකම් ඇති අඩුපාඩු ඇති ඒ සියළු දෙනා හදාගෙන ඉදිරියට යන්න යළි අත්වැල් බැඳගන්නා ලෙස මෙහිදී කියා සිටියා.
පැහැදිලිවම පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව ඔහු කියා සිටියා. තමාගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණය වන අතර එය රටේම ජයග්‍රහණය බව ඔහු අවධාරණය කළා.