අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.
බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය පිළිබඳව පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව සඳහන් කළා.