
නිරිතදිග පාකිස්තානයේ අධීවේගී මාර්ගයකදී තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.
එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා එම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සටන්කාමීන් පිරිසක් විසින් මාර්ගයේ ගමන් ගත් බස් රථ, ට්‍රක් රථ සහ වෑන් කිහිපයක් නවත්වා සිදු කළ පරීක්ෂාවකින් පසු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.