දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්රකාශනවලට කොටු නොවී උපායමාර්ගික සැලසුමක් වටා එක්වන්නැයි පිරිපුන් සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහි සාමාජිකයින් ඊයේ (30) කොළඹ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසූ අතර ඒ සඳහා දිලිත් ජයවීර මහතාට සහාය පළකරමින් කලාකරුවන් පිරිසක් ද එක්වුණා.
එහිදී අදහස් දැක්වූ පිරිපුන් සංවිධානයේ සභාපති ආනන්ද දේවසිංහ පැවසුවේ උපායමාර්ගිකව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ඇත්තේ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාට පමණක් වන බවයි.
“මේ වෙලාවේ හැමෝම සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශන කිහිපයක් එළිදක්වමින් තියෙනවා. දිලිත් ජයවීර මහත්මයා සහ අනෙක් දේශපාලන පක්ෂ නායකයින් අතර තියන වෙනස තමයි, අපි කතා කරන්නේ උපායමාර්ගික සැලසුමක්. අනිත් අය කතා කරන්නේ ප්‍රතිපත්ති ප්රකාශනයක්. එම නිසා අවුරුදු 77ක් ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් රට හදන්න බැරිවුණා නම් මේ පාරත් ඒක බෑ. අපිට ඕනේ උපායමාර්ගික සැලසුමකට අනුව උපායමාර්ගිකව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ දිලිත් ජයවීර මහත්මාගේ නායකත්වයෙන්.”
මේ අතර සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාට සහාය පළකරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ද කොළඹ නගරයේදී පැවැත්වුණා.
එහි තේමාව වූයේ ” අපි සැවොම එක්වෙමු ව්‍යවසායක රාජ්‍යයක් මඟින් සතුටු දැයක් නිර්මාණය කරමු” යන්නයි.