පාකිස්තානය මේ වනවිට සැලකිය යුතු අධ්‍යාපන අර්බුදයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් සියයට 36ක් නියෝජනය කරමින්, වයස අවුරුදු 5 සිට 16 දක්වා ළමුන් මිලියන 25.3ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව හෙළිවී තිබෙනවා..
මෙම තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවලට තීව්ර වී ඇති අතර දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීම ඉතා අඩු අගයක පවතින බව සඳහන්.
වයස අවුරුදු 5ත් 9ත් අතර ළමුන් වැඩි වශයෙන් මෙලෙස පාසල් නොයන කාණ්ඩයට ඇතුළත් වී තිබෙන අතර ඔවුන්ගෙන් සියයට 51ක් කිසිදා පාසල් ගොස් නොමැති බවත් හෙළිවී තිබෙනවා.
මෙම තත්ත්වය පාකිස්තානයේ සාක්ෂරතා අනුපාතයට දිගුකාලීන බලපෑම් ඇති කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.