පාකිස්තාන ජනතාව විසින් විදුලිබිල ඉහළ නැංවීමට එරෙහිව රට පුරා විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
එය වළක්වා ගැනීමට නම් අමතර බදු ඉවත් කිරීමට හෝ ඉදිරි ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන ලෙස පාකිස්තාන සමස්ත වෙළෙඳ සංගමය පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේවෙතත් පාකිස්තානයේ 2023-24 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 23.41 ක් බව වාර්තා පළ වන අතර මෙම උද්ධමන අනුපාතිකය, විදුලිය, ගෑස්, එළවළු මිල සහ අත්‍යවශ්‍ය මුළුතැන්ගෙයි ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයෑම ප්‍රධාන හේතුවක් බව එරට ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.
උද්ධමනය ජූලි මාසයේදී සියයට 28.3ක් ලෙස පැවති අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එරට උද්ධමනය සියයට 31ක් දක්වා එහි උපරිමයට ළඟාවූ බවද පාකිස්තාන දත්ත වාර්තා පෙන්වාදී තිබෙනවා.