සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීමට සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමටද එම බලධාරීන් කටයුතු කර තිබෙනවා.
පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම පුද්ගලයාගේ තත්ත්වය මේවන විට හොඳ අතට හැරෙමින් පවතින බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.
මෙම පිහි ඇනුම සිදුකළ ළමයා, රැඩිකල් අදහස් වලින් යුක්ත අයෙක්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවයි වාර්තා වන්නේ.