එළැඹෙන මැතිවරණයෙන් පසු කවුරුන් ජනාධිපති ධූරයට පත් වුවද ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට චීනය සාම විටම කැපවන බවත් චීනය තහවුරු කළා.
කොළඹ වරාය නගරයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක Zhu Yanwei චීනය කිසිම රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම් නොකිරීමේ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් කියා සිටියේ නව ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන බවට ශ්‍රී ලංකා ගාර්ඩියන් වාර්තාවේ දැක්වෙනවා.
“අපි කිසිම රටක ස්වෛරීභාවයට හෝ ඒකාග්‍රතාවයට බාධා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසු කවුරු බලයට පැමිණියත්, නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට චීනය සූදානම්,” Zhu ප්‍රකාශ කළා.
20 වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරයේ වැදගත්කම ගැන හඳුන්වාදීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මෙසේ සඳහන් කළා.
දකුණු චීන මුහුදේ ආතතීන් සහ තායිවානය සම්බන්ධ තත්ත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන තානාපති Qi Zhenhong, එක් චීනයක් ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහයෝගය අගය කළා.
“එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව අනුගත වීම සැමවිටම ප්‍රශංසනීයයි. එය අව්‍යාජ මිත්‍රත්වයේ ආත්මය පිළිබිඹු කරයි,” තානාපතිවරයා සඳහන් කළා.
චීනයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි ස්ථාවරය යළිත් අවධාරණය කළ ඔහු, “චීනයේ ස්වෛරීභාවයට වල කැපීමට ඇතැම් උත්සාහයන් දරන නමුත් එවැනි චේතනාවන් අපි කිසිවිටෙකත් නොඉවසමු.”
මෙම මාධ්‍ය හමුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳවද දැනුවත් කළා.