
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියා.
පළාත් පාලන ආයතනවල තනතුරු වලට පත් කිරීමට සුදුසුම පුද්ගලයන්ට සහාය දෙන බවද ඔහු කියා සිටියා.
සර්ව ජන බලය පක්ෂය කෙටි කලකදී ලබාගත් දියුණුව සුවිශේෂ එකක් බව පැවසූ මහාචාර්යවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්රීවරු දෙසිය ගණනක් දිනාගත් බවද සඳහන් කළා.
සර්ව ජන බලය මෙරටේ ඉදිරියට එන ප්රධාන දේශපාලන දහරාව බවට ඉදිරියේදී පත්වනු ඇතැයිද චන්න ජයසුමන මහතා ප්රකාශ කළා.
පසුගාමී වැඩපිළිවෙළ හේතුවෙන් මාලිමාව මෙවර පළාත් පාලන ඡන්දයේදී පසුගිය මහ මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ විසිතුනක් අඩු කරගත් බවද ඔහු සඳහන් කළා.