ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
රජය පවසන පරිදි, පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදුන් ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස්කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට 2016 ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණා.
ව්‍යාපෘතිය වසර තුනක කාලයක් තුළ අවසන් කිරීමට නියමිතව තිබුණත් මතුව ඇති මූල්‍ය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලය දීර්ඝ කර, සිමෙන්ති වෙනුවට PVC වැසි ජල ටැංකි 1831ක් සවිකිරීමට 2022 වසරේ කැබිනට් අනුමැතිය හිමිවුණා.