ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කර තිබු BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් කෝටි හයකට අධික කුශ් සහ කොකේන් ගුවන් තැපෑල මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී හමුවී තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන යන ප්‍රධාන පෙලේ වාහන අමතර කොටස් ආනයන කරන ආයතන හිමිකරුවෙක්.
මෙම සැකකරු කලක සිට පොලිසිය මගහරිමින් සැඟව සිට ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කල දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී බවයි වාර්තා වන්නේ.
අනතුරුව නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගැනුණු පසු ඔහු එම නිවාස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්න සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.