පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසා සිටියේ, මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන 2024 ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු 80,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාවක් යොදවා තිබෙන බවයි.
මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ස්වභාවික ආපදාවක් සිදුවුවහොත් ඒ සඳහාද ක්ෂණිකව කටයුතු කිරීම වෙනුවෙන් නාවික හමුදාව ගුවන් හමුදාව සූදානම්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.