2024 ජනාධිපතිවරණයේ ඡන්ද වීමසීමේ කටයුතු මේ වන විට ඉතා සාමකාමීව සිදු කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
ජනාධිපතිවරණයට අදාළ සමස්ත නිරික්ෂකයින් සංඛ්‍යාව 6000 ක් පමණ සිටින බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත පවසා සිටියා.
ඒ අතර පැෆ්රල් සංවිධානයේ නිරික්ෂකයින් 4000 ක් ද ජාත්‍යන්තර නිරික්ෂකයින් 116 ක්ද සහභාගී වී සිටිනවා.
එමෙන්ම අද දිනය තුළ සිදුවීම් 35 ක් වාර්තා වී ඇති අතර එය කිසිදු බරපතල සිදුවීම් ඡන්ද ප්‍රතිඵලවලට බාධාවක් වී නොමැති බවත් ඔහු පැවසුවා.
එම සිදුවීම් අතර පහරදීම් සිද්ධියක් පොලොන්නරු, මැදිරිගිරිය ප්‍රදේශයෙන් සහ මාතලේ ගලේවෙල ප්‍රදේශයෙන් මැතිවරණයට සම්බන්ධ නිලධාරියෙක් විසින් තර්ජනය කිරීමක් වාර්තා වනවා.
ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම් සිද්ධි 07 ක් වාර්තා වී ඇති අතර නීතී විරෝධි ප්‍රචාරණ කටයුතු පිළිබඳව සිදුවීම් 18 ක් වාර්තා වී ඇති බවත් ඔහු පවසා සිටියා.
මේ අතර ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධින් 02 ක් ද වාර්තා වූ බව රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියා.
එසේම මැතිවරණ ප්‍රකාශ කරන ස්ථානයේ රහස්‍යභාවය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති නමුත් කිසිදු පැමිණිල්ලක් මැතිවරණ ප්‍රතිඵලයට බලපෑම් එල්ල කරන මට්ටමේ නොමැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියා.