නුවරඑළිය, ලිඳුල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරිනයක ස්නානය කරන ආකාරය හොර රහසේ රූගත කල බවට සැකපිට එම පොලිස් ස්ථානයේම සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත සැකකාර පොලිස් නිලධාරියා පෙරේදා (04) දින නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.
තවද එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කිරීමටද නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබෙනවා.
මෙම සිදුවීම පසුගිය වසරේ දෙසැම්බර් මස සිදුව තිබු අතර පොලිස් නිලධාරිනියගේ පැමිණිල්ල විමර්ශනය කිරීමේදී හෙළිවූ තොරතුරු අනුවයි මෙම නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.