ඉදිරි දින කිහිපය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තුරුම පොලිස් නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර මාර්ග බාධකද ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ සහ සතියක් ඇතුළත කිසිම පුද්ගලයෙකුට රථ වාහනවලින් හෝ පාගමනින් පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බවත් සියලුම ජනතාව මෙම නීතිරීතිවලට අවනතව කටයුතු කළයුතු බවත් ඔහු පවසා සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවට දන්වා සිටියේ, පුරවැසියෙකු ලෙස සාමකාමීව නීතියට අවනතව රටේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසියට සහාය දක්වන ලෙසයි.
එසේම සාමය කඩවීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් ඒ පිළිබඳව පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
119
118
107 (උතුරු, නැගෙනහිර සඳහා)
011 202 7149
011 201 3243
111 239 9104 – (Fax අංකය)