කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ආරක්ෂක විධි විධාන සැලකිය යුතු ලෙස තීව්ර කර ඇති අතර, සෝදිසි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 200 ක පමණ පිරිසක් යොදවා තිබෙනවා.
සංචාරකයින්ගේ ආරක්ෂාව සහ ගුවන් තොටුපල මෙහෙයුම් සහතික කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා. ආරක්ෂාව වැඩි කිරීමට නිශ්චිත හේතු බලධාරීන් විසින් දක්වා නැති නමුත් මේ වන විට පවතින තත්ත්වය තුළ ගෙන තිබෙන පියවර ආරක්ෂිත බවක් පෙන්නුම් කරනවා.
ගුවන් තොටුපළට පැමිණෙන මගීන්ට සහ අමුත්තන්ට ආරක්ෂක නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් සෝදිසි කිරීමේ ක්‍රියා පටිපාටි වලදී ප්‍රමාදයන් අපේක්ෂා කරන ලෙසත් උපදෙස් දෙනු ලබනවා.