හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයෙන් කවුරු පත් වුවත් තමන් සහය දෙන බවයි.
මාධ්‍ය අමතමින් ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා පමණක් රුපියල් කෝටි 100කට අධික මුදලක් වැය වී ඇති බවත් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා අමතර වියදම් තවත් රුපියල් බිලියන 10 ඉක්මවන බවත් ප්‍රකාශ කළා.
එවැනි තත්ත්වයක් මධ්‍යයේ ආර්ථිකය කළමනාකරණය කිරීම සහ සේවා සැපයීම සම්බන්ධයෙන් පැමිණෙන නායකයාට ඇති අභියෝග පිළිබඳවත් ඔහු කනස්සල්ල පළ කර සිටියා.
ඔහු වැඩිදුරටත් තම අනාගත දේශපාලන කටයුතු පිළිබඳව මෙසේ පැවසුවා.
“මම දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේ නැති වුණත් ඉදිරි ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙනවද කියලා තීරණය කරලා නැහැ”