ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබෙනවා.
ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ඒ මහතාව පත්කර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ, ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිත බවයි
නව ඇමති මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එම තීරණය ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.