2024 ජුලි මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අගෝස්තු මාසය සඳහා 1.1% ක් දක්වා අඩුවී තිබෙනවා..
2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී තිබෙනවා.
එමෙන්ම, 2024 ජුලි මාසයේදී 2.2%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් දක්වා අඩු වී ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා.