මාසිකව සංශෝධනය වන ඉන්ධන මිල මේ මස 30 වනදාට යෙදී තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපති ධුරයට පත් වූ පසු සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය මෙයයි.
ලෝක වෙළඳපොළේ ද ඉන්ධන මිල මේ වන විට පහළ යමක් පෙන්නුම් කරමින් තිබෙනවා.
මෙරට ඉන්ධන මිල මත පනවා ඇති විශාල බදු සම්බන්ධයෙන් පැවති ජනාධිපතිවරණ වේදිකාවේද වැඩි කතා බහක් ඇති වුණා.